SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත්
විවාහ යෝජනා
 

 

දියුණුවන ලෝකය සමග පෙරට යන ඔබට භූගෝල විද්‍යාවත් තාරකා විද්‍යාවත් පදනම් කරගෙන ජාත්‍යන්තර ග්‍රහ ලිත් වල අනුසාරයෙන් අපගේ සේවාවන් ඔබ ට සපයමු.

වැඩි විස්තර

0714438654 ට අමතන්න. එසේ නොමැතිනම්

swliyanage@gmail.com වලට E-Mail එකක් එවන්න

                  ජ්‍යොතිර් විද්‍යාව
             ජ්‍යොතිර් විද්‍යාව යනු භූගෝල විද්‍යාවත් තාරකා විද්‍යාවත් පදනම් කරගෙන ගණිත විද්‍යාවේ ආධාරයෙන් සකස් කරගෙන ඇති අතුරු විද්‍යාවකි. මෙයට ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කියාද කියනු ලැබේ. ජ්‍යොතිෂය යනු ආලෝකය හා බැබළීමයි. ග්‍රහ ලෝක වල හා තාරකාවන්ගේ බැබලීම පදනම් කරගෙන කරුණු ප්‍රකාශ කරන ක්‍රමයක් නිසා මෙයට ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කියාද කියනු ලැබේ. මෙයට ජ්‍යොතිෂ විද්‍යාව කියා නම් කළද එය සමපූර්ණයෙන්ම ප්‍රායෝගික විද්‍යාවක්ද නොවේ. ප්‍රායෝගික විද්‍යාවේ දී හේතුව හා ප්‍රතිඵලය යන දෙකම එකිනෙකට ඔප්පු කල හැකිය. එහෙත් ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේදී ඇතැම් කොටස් වලදී ප්‍රතිඵලය ගැන පෙනෙනවා විනා හේතුව අපේ පියවි ඇසට හෝ විද්‍යා උපකරණ වලට අසු නොවේ. එහි නිතරම සැගවුන දෙයක් ඇත. අප එයට ගුප්ත විද්‍යාව යන නම යොදා තිබෙන්නේ ඒ නිසාමය.
                         ප්‍රායෝගික විද්‍යාවක් ලෙසට සිතන ඇතමෙක් ජ්‍යොතිර් විද්‍යාව දෙස උපහාසාත්මකව බලන බව කවුරුත් දන්නා කරුනකි. කවුරු කෙසේ කීවද ජ්‍යොතිෂයේ දැක්වෙන ෂට්විද ආකාශවස්තූන්ගේ බලපෑම්වලට හසු නොවන කිසිදු සත්වයෙක් හෝ ද්‍රව්‍යයක් හෝ මේ ලොවෙහි ඇති නොවනු ඇත. ජ්‍යොතිෂය මුල්කරගෙන අවුරුදු දහස් ගනනක්අනාගතයේ සිදුවන සිදුවීම් විස්තර කළ හැකිය. වර්තමානයේ ඉපදි ඇති මනුෂ්‍යයන්ගේ නම් ගම් සිය දෙමා පියන්ගේ නම් ගම් ඔවුන්ගේ දරුවන් උපදින වකවානු ඔවුන් කරන රැකී රක්ෂා ආදිය පවා දැනට අවුරුදු 5000 කට පමණ පෙර ඉන්දියාවේ විසූ පුලස්ති . කාකබුජන්ධර ආදී සෘෂිවරු ලියා තැබුවේ මෙම විද්‍යාවේ මූලධර්ම  උපයෝගී කර ගෙනය. මෙම ෂට්විද ග්‍රහවස්තුන් පිළිබදව අප ලබා ගන්නාදැනුම අනුව අතීතයේ සිදුවූ සිද්දීන් ද අනාගතයේදී සිදුවන සිද්ධීනද පිළබදව පැහැදිලි අනාවැකි පළකළ හැකිය.ජ්‍යොතිර් විද්‍යාව හැරුණු  විට අනාගතයේදී සිදුවන සිදුවීම් ප්‍රකාශ කළහැකි වෙන කිසිදු ශාස්ත්‍රයක් ලෙටවෙහි නැත.
                            මෙතරම් අගනා ශාස්ත්‍රය පිරිහී යාමටත් ගැරහීම් වලට ලක්වීමටත් හේතු වී ඇත්තේ ජ්‍යොතිෂයේ මූලිකාංගවත් හරිහැටි නොදැන  පහසුවෙන් මුදල් උපයා ගැනීමට හැකි ක්‍රමයක් ලෙසට මෙය යොදවා ගැනීමය. බුද්දිමතුන්ගේ ගැරහීම්වලට මෙම ශාස්ත්‍රය යොමු වී ඇත්තේද මෙවැන්නන් කරන බොරු අනාවැකි හා ප්‍රකාශන නිසාය. කිසියම් අනාවැකියක් වැරදී යන්නේ අනාගත ඵලාඵල විස්තරයක් වරදින්නේ සුභ මුහුර්ත වලින් නිවැරදි ඵල විපාක නොලැබෙන්නේ ශාස්ත්‍රයේ ඇති දුර්වල කම් නිසා නොව එය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයාට ශිස්ත්‍රය පිළිබදව තිබෙන අඩු දැනුම නිසාය.
                             දහසකුත් දුෂකරතා මැදින් ගෙවන මෙම ලෞකික ජීවිතයේදී ඇතිවන ප්‍රශ්න විසදා ගැනීමටමෙම ශාස්ත්‍රය බොහෝ විට උපයෝගී කරගත හැකිය. ජ්‍යොතිෂ් ශාස්ත්‍රය දැනගෙන කටයුතු කරන්නා මගතොට තොරතුරු දැන තම ජීවිත ගමන යන්නෙකි.එය නොදැන කටයුතු කරන්නා මගතොට තොරතුරු නොදැන ජීවන ගමන යන්නෙකි.
                            සූර්යා මධ්‍යයෙහි සිටියදී ඒ අවට පිළිවෙලින් බුධ.ශුක්‍ර,පෘතුවිය, කුජ,ගුරු,ශනි,යුරේනස්,නැප්චුන්, ප්ලූටෝ ....යන ගුහයන් නව දෙනා පරාවර්ථනය වෙමින් භ්‍රමනය වන අතර චනුද්‍රයා පෘතුවිය වටා යමින් ඒ සමග සූර්යා වටේද යයි. සූර්යා ගමන් කරන්නාක් මෙන් පෙනෙන මාර්ගය ක්‍රාන්ති මාර්ගය ලෙසට නම් කර ඇත.සදු මෙම මාර්ගයෙන් දකුණු පස සිට උතුරු දෙසට මාරුවන ස්ථානයට රාහුද උතුරු පස සිට දකුණු පසට මාරුවන ස්ථානය වූ කේතුද යන ස්ථාන දෙකෙන්  එකකට දින 15 කට වරක් බැගින් පැමිනේ........
                      හදහන හෝ කේනද්‍රය යනු මෙතෙක් විග්‍රහ කරන ලද තාරකා පංතීන් සහ එ් අතරින් ගමන් කරන රවිි චන්ද්‍රා දී ග්‍රහ තාරකාවන් උපන් වේලාවට පිහිටා තිබෙන ස්ථාන රාශිභාව අංශක කලා විකලා වශයෙන් සදහකන් කර තිබෙන සටහනකි.
                        මෙසේ වූ ජ්‍යොතිශය සිද්ධාන්ත.සංහිතා සහ හෝරා යන කොටස් තුනකින් යුක්තය.සූර්යා චන්ද්‍රයා ආදී ග්‍රහයන්ගේ ගමන්,ග්‍රහ අස්ත,උදාවීම්,ග්‍රහන,වර්ෂ, සෘතු, මාස,සති,දින,ආදී කාල නියමයන්ආදී ගනිතමය කොටස් සිද්ධාන්ත ගණයට ගැනේ. මිනිසාගේ උපතේ පටන් මරණය දක්වා සිදුවන කොටස් සංහීතා කොටසට අයත් වේ. සුභා සුභ වේලාවන් නිශ්චය කරගැනීම සදහා යොදා ගන්නා කොටස් හෝරා යයි කියනු ලැබේ.
          මෙරට බොහෝ දෙනා වැඩි උනන්දුවක් දක්වන්නේ කේන්ද්‍රය බලා පලාපල කීම හෝ පලාපල දැන ගැනීම තත් කාලයෙන් ශාස්ත්‍රයක් කීම හෝ අසා දැන ගනීම ආදිය පිළිබදවය.ඔවුන් ජ්‍යොතෂ් ශාස්ත්‍රය කියා හදුන්වන්නේද එයයි. එය වැරදි අදහසකි.ජ්‍යොතිෂයේ ඉතා වැදගත්ම කොටස ගණිතමය කොටස ඇතුලත් වූ සිද්ධාන්ත නම් කොටසය.ගණන් වැරදුනහොත් අප කියන පලාපල ශුභ මුහුර්ත ආදී සියල්ල වැරදී යන්නේය.

Free Web Hosting