SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත
විවාහ යෝජනා
 

 

   තත්කාල ප්‍රශණය විසදීමට 249 න් පහළ අංකයක් හා ප්‍රශ්ණය විමසන වේලාව අවශ්‍ය වේ.

 

 
පුරුෂයකු විවාහ විය යුත්තේ ඔහු උපන් වර්ෂයේ සිට ගණින විට ඔත්තේ ගණයට වැටෙන වර්ෂයකය. ස්ත්‍රියක විවාහ විය යුත්තේ ඇගේ ජන්ම වර්ෂයෙන් ඉරත්තේ වර්ෂයකය.
 
 

                       ඔබගේ ගැටළුවට අපෙන් විසඳුම්
ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ තත්කාල ජ්‍යොතිෂ ක්‍රමය මගින් ඔබගේ ගැටළුව හදුනා ගෙන එයට නිවැරදිම පිළිතුර (ජ්‍යොතිෂ්‍යට අනුව) ලබාදීමට හැකියාව ඇත.මෙම ක්‍රමය ඉතාමත් නිවැරදි ක්‍රමය ලෙස ප්‍රකාශ  කළ හැක.
ක්‍රිෂණ මූර්ති පද්ධති ජ්‍යොතිෂ ක්‍රමයේ ඇති නිරවද්‍යතාවය වටහා ගෙන  එය මැනවින් තහවුරු කරගත් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් මෙන්ම උගතුන් ඉතා ඉතා විශාල සංඛ්‍යාවක් සිරිලක පුරා විසිරී සිටිති. මෙම ක්‍රිෂණ මූර්ති ක්‍රමයට ඉතාමත් නිවැරදි බැවින් මෙම ක්‍රමය උපයෝගී කරගෙන ඔබට සේවාවන් සැපයීමට හැකියාව ඇත.
  ජන්ම හෝ තත්කාල සටහන් ලෙස අප පිළියෙල කරනු ලබන්නේ  යම් මොහොතක  විශ්වයේ ග්‍රහයන් සහ තාරකා පිහිටීම දැක්වෙන සටහනකි. එය ජ්‍යොතිෂ විද්‍යානුකූලව විග්‍රහ කල කල්හි අපට අවශ්‍ය සියළුම තෙරතුරු නිවැරදිව ලබා ගත හැකිය.තත්කාල ජ්‍යොතිෂ විද්‍යාවද මේ අනුව ඉතාමත් නිවැරදි අකාරයට  විගුහ කල හැකිය.
  ඔබගෙන් ලබාගන්නා අංකයක් හා ඔබ අප හා ප්‍රශ්ණය ගැන විමසූ වේලාවට සාදාගත්  ක්‍රිෂ්ණමූර්ති තත්කාල සටහනක් මගින් ඔබගේ හිතෙහි ඇතිවන අදහසක් හෝ ගැටළුවක්  හදුනා ගත හැකි අතර එම ප්‍රශණය විසදීමට හැකියාවක්ද මෙම ක්‍රමය තුල ඇත
.

උදා:-  ඉතා මෑතකදී අප වෙත පැමිණි පුද්ගලයෙකුගේ ප්‍රශ්ණයක් විසදූ ආකාරය
         මෙහුගෙන් අප ලබගත් අංකය හා ප්‍රශ්ණය විමසූ වේලාවට සකසා ගත් සටහන විග්‍රහ කිරීමේදී වාහනයක් ගැන විමසීමට මොහු පැමින ඇතිබව ත් තවදුරටත් විග්‍රහ කිරීමේදී වාහනයක් මිලදී ගැනීමට අදාලවත් එම වාහනය තමන්ට යා දෙන්නේද යන්න විමසීම සදහා මොහු පැමිණ ඇති බව සනාථ විය. එය ඉතා නිවැරදි බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
මොහුගේ  ප්‍රශ්ණය හදුනා ගත් පසු  වාහනය තමාට යාදෙන්නේද යන්න විමසා බැලීමේදී  මෙහුට කෘෂි කර්මාන්තය සුදුසු රැකියාව බවත් එයට අදාල වාහනයක් ගතයුතු බවත් ජ්‍යෙතිෂානූකූලව පැහැදිලි කර දුන් අතර මොහු සැබෑවටම පැමිණ ඇත්තේ ගොයම් කපන මැෂික් ගැනීමට අදාලව ප්‍රශ්ණයක් මුල් කරගෙනය.
දැන් ඔබට පැහැදිලි ඇති නේද ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමයට ප්‍රශ්ණය හදුනා ගෙන එයට පිළිතුර ලබා දන් ආකාරය පිළිබදව

ඔබත් යම් අසහන කාරී තත්වයක පසුවන්නේද? දුරකථන මාරගයෙන් ඔබගේ ගැටළුවලට විසදුම් ලබා දීමේ හැකියාව ඇත 0714438654 ට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැක
                ස්තූතියි   

Free Web Hosting