SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත්
විවාහ යෝජනා
 

  බුද්ධියේ විමසුමට

මිනිසුන් බය කරන තරමට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන මිත්‍යා මත වලින් මිනිසුන්ගේ ඔළු පුරවන සමහර ජ්‍යොතිෂ වේදීන් නිසා මෙම ජ්‍යොතිෂ විද්‍යාව බෙහෝ අය පිළි නෙගන්නා තරමටම පත්වීඇති අතර මිත්‍යා මත හෙලි දරව් කිරීම මාගේ අරමුණයි.
ඔබගේ අදහස්

swliyanage@gmail එකට E-Mail කරන්න

 

                        බුද්ධියේ විමසුමට
              රාහු කාලය යනු මිත්‍යාවකි
                      රාහු කාලය කවර පදනමක් මත කවර හේතුවක් නිසා බිහිවූවක් දැයි මෙතෙක් පැහැදිලි නැත. ශ්‍රි ලංකාවේ පමනක් නොව භාරතයේ ද මේ පිළිබදව විවිධ මත පවතී. රාහු කාලය පිළිබදව සෘෂිවරයකු විසින් පළ කරන ලද මතයක් හෝ සදහන්කරන ලද කිසිදු තැනක් හෝ අපට මෙතෙක් දක්නට නොලැබිණි. කවර හේතුවක් නිසා හෝ භාවිතයට පැමිණි දෙයක් ඒ ලෙසින්ම පවත්වාගෙන යාම මිස එයට වඩා වැදගත් හේතුවක් ඇති සැටියක් පෙනෙන්නට නැත.ජ්‍යොතිෂය  පිළිබදව කිසියම් ශාස්ත්‍රීය මතයක් අප දැරිය යුත්තේ සෘෂිභාෂිතය අනුවය යන  නියමය රාහු කාලය පිළිබද ප්‍රශ්ණයේ දී නොසලකන්නේ ඇයි.             අපේ පංචාංග ලිත්වල හා ජ්‍යොතිෂ ග්‍රන්ථවල රාහු කාලය සදහන් වී ඇත්තේ දවල් රෑ දෙකට මෙසේය.
          ඉරිදා    4.30 සිට 6.00 දක්වා
          සදුදා    7.30 සිට 9.00 දක්වා
 අගහරුවාදා  3.00 සිට 4.30 දක්වා
          බදාදා  12.00 සිට 1.30 දක්වා
 බ්‍රහස්පතින්දා 1.30 සිට 3.00 දක්වා
      සිකුරාදා   10.30 සිට 12.00 දක්වා
    සෙනසුරාදා 9.00 සිට 10.30 දක්වා
              සතියේ ඒ ඒ දිනවලට යෙදෙන ශුභ පංචම කාල හෝරා දක්වා ඇති සැටි බලමු 
       ඉරිදා සවස 4.24 සිට 4.36 දක්වා සදුගේ බුද පංචමය
        ඉරිදා සවස 4.36 සිට 4.48 දක්වා සදුගේ ගුරු පංචම ආදී වශයෙන් සදුදගේ සිකුරු පංචමය.ශනිගේ සදු පංචමය ශනිගේ පුද පංචමයද
        ඉරිදා රාත්‍රී 4.36 සිට 4.48 දක්වා සිකුරැගේ සදු පංචමය
        ඉරිදා රාත්‍රී 5.00 සිට 5.12 දක්වා බුදගේ බුද පංචමය හා  බුදගේ ගුරු පංචමයද ආදී වශයෙන් සතියේ සෑම දිනකම රාහු කාලය තුල ශුභ හෝරාවන්පෙන්වා ඇත.
       රාහු කාලය තුල කවර හෝ ශුභ කටයුත්තක් නොකළ යුතු යැයි පවසන අය ඉහත සදහන් අයුරු රාහු කාලයට යටත්වන කාල සීමාවන් තුළශුභ පංචම කාල හෝරාවන් දක්වා ඇත්තේ ඇයි දැයි  පැහැදිලි කරන්නේ නැත.
                 රාහු කාලය පිළිබදව සිතා බැලිය යුතු එක් උදාහරණයක් පමණක් මෙහිලා සදහන් කරමි අපේ රටේ ගුවන් ගමන් ගැන සළකා බලන්න. දැනට සැලසුම් කර ඇති පරිදි සදුදා උදේ රාහු කාලය වන 7.50ට ත්‍රිවන්ඩන් වලටත් උදේ 8.00 ට බැංකොක් වලටත් ගමන් යොදා ඇත.කාලගුණ විපර්යාස යටතේ ඉදහිට වෙනස් වුවත් වැඩි වශයෙන් ඒ ලෙස සිදුවේ.සතියේ වෙනත් දින වලත් රාහු කාලය තුල ගුවන් ගමන් සිදුවේ.සිදු වූ අවැඩ කුමක්ද.තව දුරටත් සිතා බැලුවහොත් අපගේ ජීවිත කාලය තුල රාහු කාලය තුල අප කොතෙකුත් වැඩ ආරම්භ කර ඇත්ද අපට අවැඩක් සිදු වී ඇත්දැයි ඔබම සිතා බලන්න.
         මිනිසුන් බය කරන තරමට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන මිත්‍යා මත වලින් මිනිසුන්ගේ ඔළු පුරවන සමහර ජ්‍යොතිෂ වේදීන් නිසා මෙම ජ්‍යොතිෂ විද්‍යාව බෙහෝ අය පිළි නෙගන්නා තරමටම පත්වීඇති අතර මිත්‍යා මත හෙලි දරව් කිරීම මාගේ අරමුණයි.
Free Web Hosting