SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත්
විවාහ යෝජනා
 
 

         සාර්ථක යුග දිවියකට කාම කලාවෙන් පිහිටක්

        විවාහ ජීවිතයට ඇතුළු වන ඇතුළුවීමට සිටින ස්ත්‍රී,පුරුෂ  දෙපිරිසම කාම කලාව පිළිබදව දැන සිටිය යුතුමය. සාරථක විවාහයක් සදහා යහපත් කායික සුවයක්ද, යහපත් මානසික සුවයක්ද අවශ්‍ය කෙරේ. කායික සුවය නිසි පරිදි  වින්දනයට නොලැබීමේ  හේතුවෙන් මානසික සුවයද හීනවී යයි.  බොහෝ විවාහ ජීවිත දෙදරා අවුල්වී ගොස් ඇත්තේ ලිංගික ජීවිතයේ අසාර්තක බව හේතු කොට ගෙනමය. ලිංගික ජීවිතය, සාර්ථක යුවලක් විවාහයෙන් වෙන් වුව හොත් එය අරුම පුදුම සිදුවීමක්ය.පුරුෂයා පරබුවන් කරා යොමු වන්නෙත්,ස්ත්‍රිය පරපුරුෂයන් කරා යොමු වන්වනත් ලිංගික ජීවිතයේ අසාර්ථක බව හේතු කොට ගෙනමය.ඔබත් අසාර්ථක විවාහ ජීවිතයක් ගෙවන්නේ නම් පළමුව කාම කලාව ගැන අවබෝධයක් ලබා ගන්න. සාර්ථක විවාහයක රහස සාර්ථක ලිංගික ජීවිතයයි.එබැවින් විවාහක ඔබට කාම කලාව දිව ඔසුවක් වනු ඇත.
                             ශරීරය තුළ සැගවී පවත්නා කාම උද්දීපනය පිණිසත්,උද්දීපනය වූ කාමය වර්ධනය පිණිසත් කාම නිල ප්‍රයෝජනයට ගත හැකි වේ. තවද යම්යම් ශාරීරික දුබල තා හේතු කොට ගෙන නිසි පරිදි ලිංගික තෘප්තියක් නොලැබෙන පිරිසටද මෙයින් මහගු ප්‍රයෝජනයක් ලැබිය හැකිය.
                            සාමාන්‍යයෙන් පුරුෂයකුට ලිංගික තෘප්තිය ලැබීමට ගතවන කාල සීමාව මෙන් සත් ගුනයක කාල සීමාවක් ස්ත්‍රියක තෘප්තිමත් වීම සදහා ගත වේ. මෙම කාල පරතරය තරමක් දුරට මගහරවා ගැනීමට බුද්දිමත් පුරුෂයා කාම කලාව භාවිතා කළ යුතුය. යම් යම් දුර්වලතා හේතු කොට ගෙන හීන කාම වේගයක් ඇති පුරුෂයකු ඇති ස්ත්‍රියද කාම කලාව භාවිතා කළ යුතුවේ.                          
ශරීරය පුරා පිහිටි කාම නිල ස්ථාන තිහක් කාම කලාවේ දැක්වේ. පවතින දිනය අනුව ශරීරයේ නියමිත නිල ස්ථානයෙහි සංවේදී බව අධික වේ. එම සංවේදී බව අධික නිල ස්ථානය එම අවස්ථාවේදී ඔබගේ ශරීරයේ පවතින  නිලය වේ. එම නිලය ස්පර්ශය,පිරි මැදීම,සිප ගැනීමආදියෙන් උත්තේජනය කළ විට ශරීරය තුළ සැගව පවත්නා කාමය උද්දීපනය වීඑයි. උද්දීපනයවී ඇති කාමය වර්ධනය වේ. කාම නිල භාවිතයෙන් චණ්ඩ කාම වේගයක් ඇති ස්ත්‍රියක් වුවද මෙල්ල කල හැකි වේ. මේ නිසා විවාහයකුට කාම කලාව දිව ඔසුවකි. කාමෝද්දීපනයට ඖෂධ භාවිතා කිරීමෙන් ශරීරයට හානි සිදු විය හැකි වුවද ග්‍රහ තාරකා බලය භාවිතා කර කාමෝද්දීපනය කිරීමෙන් ශරීරයට කිසිදු හානියක් ඇති නොවන බව සහතික කොට පැවසිය හැක.
                             මී ළගට අපි බලමු කාම නිල පිහිටි ස්ථාන
                 චන්ද්‍ර මාසයක් ඇරඹෙන්නේ පුර පෑල වියෙනි ස්ත්‍රී ශරීරයක වම් අංශයේ මහපට ඇගිල්ලෙන් ඇරඹී හිස් මුදුන තෙක් ගමන් කරන කාම නිල නැවත චන්ද්‍ර මාසාවනයේදීදකුණු අංශයේ මහ පට ඇගිල්ලතෙක් ගමන් කෙරේ. පුරුෂ ශරීරයක කම් දකුණු අංශයේ මහපට ඇගිල්ලෙන් ඇරඹී, වම් අංශයේ මහපට ඇගිල්ල තෙක් කාම නිල ගමන් කෙරේ.චන්දු මාසයේ තිතිය අනුව ඔබට හිමි නිල සොයා ගත යුතුවේ.  
      දැන් අපි කාම නිල පිහිටන ස්ථාන දැන ගැනීමට උදාහරණයක් ගෙන බලමු.  1993 දෙසැම්බර් මස 17 වෙනි සිකුරාදා පස්වරු කාලයේදී කායිකව එකතුවන යුවලක් සදහා කාම නිල පිහිටන ස්ථාන සොයමු. දෙසැම්බර් 17 වෙනිදා පෙරවරු 10 පසු වී විනාඩි 49ට උදුවප් මස පුර ජලවක නම් වූ තිතිය ගෙවී පුර විශේනිය නම් වූ තිතිය ලැබේ. එය දෙසැම්බර්  මස 18 වෙනි සෙනසුරාදා  පෙරවරු 11 පසුවී විනිඩි 29ට ගෙවේ. පුර විශේනිය තිතිය A කියන යුවලගේ සදු ගමන් කරන අංශකය අනුව කලවා ප්‍රදේශයේ කාම නිල පිහිටන බව වටහා ගත යුතුයි. එකී කාම නිල පිරි මැදීම,මැඩීම, සිප ගැනීම ආදියෙන් උත්තේජනය කලවිට ශරීරය තුළ සැගවීඇති කාමය උද්දීපනය වී එනු ඇත. උද්දීපනය වූ කාමය වර්ධනය වනු ඇත. මෙතෙක් නිසි ලෙස විවාහ සතුට නොවිදි පිරිසට මෙම කාම කලාවේ උපකාරයෙන් උසස් තත්වයේ විවාහ සතුටක් ලැබීමට හැකිවනු  ඇත. එතුලින ජ්‍යොතිෂයේ හි වටිනාකම අවබෝධ කර ගැනීමටද හැකි වනු ඇත.කාම කලාවේ උපකාරයෙන් අවුල් වීගිය ජීවිතද, අවුල් වීමට ඇතිපවුල් ජීවිතද නිරවුල් කර ගැනීමට  සරණ ජ්‍යොතිෂ සේවය ඔබට උදවු කිරීමට සූදානම්ය.ඔබට කාම නිල පිහිටි ස්ථාන දැන ගැනීමට උවමනා නම් අවුරුද්දක් සදහා ඒඒ දිනවල ඔබගේ සහ ඔබගේ සහකාරියගේ කාම නිල පිහිටි ස්ථාන දැන්විය හැකිය.ඔබ කළ යුත්තේ  swliyanage@gmail.com  වලට හදහන් වල පිටපත් හා ඔබගේ දුරකථන අංකය සමගඊමේල් එකක් එවීම පමණයි.

Free Web Hosting