SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත
විවාහ යෝජනා
 

පැරණි අත්බෙහෙත්

 දිය වැඩියා ‍රෝගීන්ට-

අත් පා ‍වේදනාවට

දත් මුල් වලින් සැරව ගැලීමට

වෙනත් ‍රෝග කීපයකට  

 පිළිස්සුමට 

 පත්තෑ විෂට
කිහිල්ලේ එන ගෙඩි වලට 

පාරම් පරිකව පැවත එන‍ මෙම අත්බෙහෙත් වට්‍ටෝරු ක්‍රම මේ වන විට ඉතා සීමිත පිරිසක් අතර පමනක් භාවිතා කරයි.‍මෙය සමාජ ගත කිරීම මගින් තවත් පිරිසක් අතර මෙම ක්‍රම ජනප්‍රිය කිරීම මා ගේ අරමුණයි.‍මෙමගින් කිසි‍වෙක් මුදල් ඉපයීමක් කර ‍නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.

පැරණි අත්බෙහෙත්

        
          දිය වැඩියා ‍රෝගීන්ට-

  • බා‍ගෙට ඉදුණු ‍කොස් ‍කොල.රණවරා මුල්.‍වෙනිවැල් ගැට තම්බා බී‍මෙන් මුත්‍රාවල සීනි අඩු කරයි.
  • ‍වෙනිවැල් ගැට ‍බෝපොතු තම්බා ගත් ජලයට සීනිද්ද මැලියම් කලං භාගයක් දමා බීමට ‍දෙන්න..

           අත් පා ‍වේදනාවට

  • ‍වෙනිවැල්ගැට.පැපිළිය.කොත්තමල්ලි තම්බා බීමට ‍දෙන්න.

        දත් මුල් වලින් සැරව ගැලීමට

  •         ‍වෙනිවැල්ගැට.එරබදු පොතු වියලි කහ තමිබා කට සෝදන්න.            
  • දද කුෂ්ට වලට
  • ඇහැල‍කොල සහ මු‍ලේ ‍පොතු ම‍නෝසීල මගුල්කරද ‍පොතු සහ එම දළු අමුකහ තල සවිද ලුනු එලබටු මුල් කපුරු ‍මේවා එක පමන ‍ගෙන කොටා දලුක් පල්ලක් සාරා එහි තුල දමා උනාලුවෙන් තම්බා එම යුෂින් අඔරා ගානු
  • සැවැන්දරා මුල් වළගසාල් ගම්මිරිස් ම‍නෝසීල වරා කි‍රෙන් අඔරා ගානු.
  • මාන්දමට   
  •  හීන් උදුපියලිය යුෂ ගොටු‍කොල යුෂ තල තෙල් දමා උණුකර හිස ගාන්න.
  • පනුවන්ට
  • ‍වෙනිවැල්ගැට වළගසාල් අරළු කලං 2 බැගින් ගෙන තමිබා ගත් ජලයට මීපැනි ස්වල්පයක් දමා බීමට දෙන්න 

      ‍වෙනත් ‍රෝග කීපයකට    

  •     අට්ටික්කා ‍කොල‍කොටා යුෂ මිරිකා ගෑ‍මෙන් ‍ලේයාම නවතියි දැවිල්ලටද යහපති
  • රාබු අල වතුරෙන් අඔරා රත්කර ග්‍රන්ති(කුද්දැටි) ඉදිමුමට ගෑ‍මෙන් ගුන වේ.
  • රාබු ඇට කරල් සහ ‍බෝ මුල් සමව ‍ගෙන වතු‍රෙන් අඔරා හිස ගා නෑ‍මෙන් ඉස්‍හොරි නැති වේ. 
  • රාබු අල ‍පෙති ගසා වියලා වතුරෙන් අඔරා ගෑමෙන් ඉදිමුම බසී .අල යුෂ රත්කර කනට දැමී‍මෙන් කන් කැක්කුම සුව වේ.
  • මුරුංගා ‍පොතු හුබස් මැටිත් සමග එල මුත්‍රයෙන් අඔරා කකාරා ඉදිමුම සහිත වාත ‍රෝග වලට ආ‍ලේප කිරී‍මෙන් රැදාව හා ඉදිමුම නැති වේ.
  • අරළු.‍නෙල්ලි.හා බලල් ලුනු සමභාගව ‍ගෙන චූර්ණකර කලං භාගය බැගින් ක‍‍ටේ දමා‍ගෙන වතුර ටිකක් ‍බොන්න බඩගින්න ඇති වේ.
  • ඕලු මුල් කපුරු සමව ගෙන අඹරා දත් මුල තබා ගැනී‍මෙන් දත් අමාරු නැති වේ.
  • ලුනුවිල යුෂ ‍මේස හැදි 1යි.හාතවාරිය මේස හැදි1යි.ජටා මාංස චූර්නය කලං භාගයයි එකට මිශ්ර කර ‍දොවා ගත් රස්නය තිබියදීම එලකිරි පතක් සමග බී‍මෙන් මතක ශක්තිය වැඩි වේ.
  • රසකිද ‍කොටා යුෂ මිරිකා පත භාගයක් එල කිරි සීනි දමා බී‍මෙන් නි‍රෝගි භාවයත්.ශරීර ශක්තියත් වැඩි ‍‍‍වේ..එ‍සේම මුත්‍රා රෝග ආමාශ ගත ‍රෝගනසයි.
  • මදුරු තලා ‍කොල යුෂ ‍මේස හැන්දක් මීපැනි සමග උ‍දේ සවස බී‍මෙන් හෙමිබිරි සාව කැස්ස සුව වේ.
  • මදුරුතලා යුෂ ගෑ‍මෙන් මීමැසි බඹර මැසි විෂ බසී.
  • කරවිල යුෂ මලබද්දය නසයි.දින 7පමණ උදෑසන බී‍මෙන් ‍බොහෝ ‍රෝග සුව වේ.

පිළිස්සුමට 

  •      හීන් උදුපියලිය යුෂ පත 1.අමු කහ යුෂ පත 1යි. තැඹිලි ‍පොල්කරි පත 2යි. එකට වත්කර ලිප තබා උණුකර සිදී‍ගෙන එනවිට පිරිසිදු මීඉටි කලං12ක් දමා පදමට සිදුවා ගානු.
  • තැඹිලි ‍තෙල් ‍බෝතල් 1 යි.වතුර ‍බෝතල් 4 යි එකට කලවන් කර ලිප තබා මද ගින්‍‍නේ සිදවන්න.වතුර ප්‍රමානය සමිපූර්ණ‍යෙන් සිදුනාට පසු පදම බලා බා නිවුනාට පසු ගාන්න.



පත්තෑ විෂට

  •               වද කහ අල .දෙහිගැට .දෙහි කොළ සමව ගෙන හොදට කොටා තම්බා ඉන් නැගෙන දුම දෂ්ඪ කළ මුඛයට පාන්න. එම රොඩු එම දියෙන් අඹරා මුඛයේ ගාන්න.
  •    පැනි දොඩම් කොළ සහ ගැට  ලුනු මේවා සමව ගෙන කොටා තම්බා ඉන් නැගෙන දුම මුඛයට පාන්න එම රොඩු එම වතුරෙන් අඹරා මුඛයේ ගාන්න

  කිහිල්ලේ එන ගෙඩි වලට 

  •  තල .එරඩු ඇට.නෙල්ලි.එක පමන ගෙන   බැද ගිතෙලින් අඹරා ගාන්න.
  • පුහුලු කොල ඇල්වතුරෙන් අඹරා ගාන්න.   

    ගල් තැල්මට

  • අත්තන ගෙඩි 2ක් ගෙන එල මුත්‍රයෙන් තම්බා එල ගොම සමග අඹරා ගාන්න.

.    විසප්පුවටලට

  •     දෙහි ගැට.අමුකහ.රතුළුණු.වැල්පෙනෙල කොල.දිය හබරල.එක පමන ගෙන පොල් ‍කිරෙන් තම්බා අඹරා ගාන්න. 
  •  බඩේ කැක්කුමට 
  •   සුදු ළුණු තම්බා සියඹලා ඇඹුල් දමා පානය කරන්න
  • ඇස් වහ කට වහට 
  •  සතුන් ඇඩීමට පලමුව නැගිට කතා නොකර ගලා බසින දිය පාරකින් ජලය ගෙන ඊට කපුඇට.වී.මුං. තල.අබ.ඇට බැද දමාපහතමන්ත්‍රය 108 වරක් මතුරානු  ................................................................... ඕං ගංගා මූණෙ මූණී  සරස්වතී ගෞ චාරී ගොගධාරී අබ මායා කාරී කරථෙරී පර ගුරු කිත ගත ඊශ්වර වාවාං............

 

 

Free Web Hosting