SARANA ASTROLOGY

සරණ  ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

නිවාස පිටුව
ජ්‍යෙනිෂ පුවත
විවාහ යෝජනා
 

 

  

විවාහයට දිනය සහ වේලාව

තෝරාගැනීම

විවාහය සදහා දිනය සහ වේලාව තීරණය කිරීමේදී හැකිතාක් දුරට පහත සදහන් කරුනු පිළිපැදිය යුතුය.
පුරුෂයකු විවාහ විය යුත්තේ ඔහු උපන් වර්ෂයේ සිට ගණින විට ඔත්තේ ගණයට වැටෙන වර්ෂයකය. ස්ත්‍රියක විවාහ විය යුත්තේ ඇගේ ජන්ම වර්ෂයෙන් ඉරත්තේ වර්ෂයකය.
 
 

             විවාහයට දිනය සහ වේලාව තෝරා ගැනීම
විවාහයකට සුදුසු දිනයක් සහ වේලාවක් තෝරා ගැනීමද වැදගත්ය. විවාහයට වේලාව යනු පුද්ගලයන් දෙදෙනෙකුගේ අනාගතයත්,දෛවයත්,ඇරැඹෙන්නේද එතැනිනි. එම වැදගත් අවස්ථාව සම්බන්ධයෙන් කේන්ද්‍රය බොහෝ සෙයින් බලපාන බව ඒ සදහා කේන්ද්‍රය විමසන විට අපට පැහැදිලි වේ.මක්නිසාද යත් යුවළකගේ යුග දිවිය පමණක් නොව ඔවුනට අත්වන දරු සම්පත් පිළිබදවද විවාහයේ වේලාව බලපාන බැවිනි.
විවාහයක වේලාවේ කේන්ද්‍රයක් සෑදුව හොත් අදාල යුවලගේ ජන්ම කේන්ද්‍ර වලට සැසැදෙන බොහෝ දේ එහි ඇති බව ඒවා විමැසීමෙන් දැක ගත හැකිය.
විවාහය සදහා සියලු දෙනාටම පොදු දවස් ලිත්වලින් පෙන්නුම් කරනු ලැබේ. එහෙත් එලෙස ප්‍රමතිකරණය කරන ලද දවස් සෑම කෙනෙකුගේම විවාහයට සුදුසු නොවේ. විවාහ වන අවස්ථාවේ යුවලකගේ කේන්ද්‍රවල විවාහයට සහ සහකාරයාට බලපාන රාශි පාලනය කරන අශුභ ග්‍රහයන් ඔව්න්ගේ ජන්ම කේන්ද්‍රයෙන් එම රාශි පීඩනයට පත් කර ඇත්නම් එම අවස්ථාවේ සිදු කරන විවාහය තිර ලෙසම අවාසනාවන්තවන අතර සහකාරයා හෝ සහකාරිය හෝ වියෝ වීමටද ඉඩ තිබේ.
විවාහය සදහා දිනය සහ වේලාව තීරණය කිරීමේදී හැකිතාක් දුරට පහත සදහන් කරුනු පිළිපැදිය යුතුය.
1. සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝ පුරුෂයාගේ ජන්ම කේන්ද්‍රයේ සිකුරු සහ ස්ත්‍රියගේ ජන්ම කේන්ද්‍රයෙහි අගහරු පීඩනයට පත් නොකළ යුතුය. එසේම සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ හෝ ජන්ම කේන්ද්‍රයෙහි සත්වැන්න තුලින් ගමන් නොකළ යුතුය.නොඑසේනම් සත්වැන්නට දෘෂ්ටිය ද නොහෙළිය යුතුයි. එලෙසම එම සත්වැන්න පාපී ග්‍රහයන් විසින් පීඩනයට පත් කිරීම හැකිතාක් දුරට මග හැරිය යුතුය.
2. පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ ජන්ම කේන්ද්‍රයේ සදු සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝ විසින් සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩාවට පත් නෙකරනු ලැබිය යුතුය.
3. දෙදෙනාගේම සත්වැන්නාධි පති ඔහුගේ හෝ ඇයගේ හෝ ලග්නයෙන් දුෂ්ථානය තුළින්  සංක්‍රමණය නොවිය යුතුයි. විශේෂයෙන්ම සෙනසුරු - රාහු හෝ කේතු හෝ වැනි පාපී ග්‍රහයකු සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩාවට පත් කරනු ලබූ රාශියක් තුළින්ද සත්වැන්නාධි පති ගමන් නොකළ යුතුයි.................
ඉහත ආදී වශයෙන් නොයෙක් ආකාරයට විග්‍රහ කර බලා දිනයක් සහ වේලාවක් මෙම රීතිය උපයෝගී කරගෙන සාදාගත යුතුයි.
පුරුෂයකු විවාහ විය යුත්තේ ඔහු උපන් වර්ෂයේ සිට ගණින විට ඔත්තේ ගණයට වැටෙන වර්ෂයකය. ස්ත්‍රියක විවාහ විය යුත්තේ ඇගේ ජන්ම වර්ෂයෙන් ඉරත්තේ වර්ෂයකය.
දැනට ව්‍යවහාරයේ පවතින පාරම් පරික පොරොන්දම් බැලීමේ ක්‍රමය සාර්ථක යුගදිවියක් පිළිබද සහතිකයක් වශයෙන් පිළිගත නොහැකිය. එබදු පොරොන්දම් පරීක්ෂාවකින් පසු දෛවඥ අනුමැතිය ලබා යුගදිවියට පත් බොහෝ දෙනා පහත දැක්වෙන අඩුපාඩු හෙවත් දුර්වලතාවලට මුහුණ  පෑමෙන් ඔවුන්ගේ යුගදිවිය අසාර්ථක වී තිබෙන බැව් දක්නට ඇති හෙයිනි.
1. විවාහ ජීවිතයට ඇතුල් වී නොබෝ කලකින් එකකුගේ අකාල මරණය.
2. අංග විකලත්වය හෝ සෞඛ්‍යතත්වයේ පිරිහීම.
3. ආර්ථිකය  බිදවැටීම
4. සමගිය හා සමාදානය තුරන් වී යෑම
5.දරු සම්පත් නොලැබීම
6.සැනසිලි දායක අනාගතයක් පිළිබද බලාපොරොත්තු බිද වැටීම.
එනිසා විවාහාපේක්ෂක යුවලගේ කේන්දර එකිනෙක පහත දැක්වෙන ශීර්ශ යටතේ වෙන වෙනම පරීක්ෂා කොට විවාහය පිළිබද සිය අනුමැතිය දීමට පෙරින් ඔවුනට සාර්ථක යුගදිවියක් ගතකළ හැකි බවට ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා සෑහීමකටපත්විය යුතුය.
1. ආයුෂ
2.සෞඛ්‍යය
3. ආර්ථික තත්වය
4. සමගිය හා සමාදානය
5. දරු සම්පත්
6. සැනසිලිදායක අනාගතය

 

Free Web Hosting